Connect with us

පුවත්

බලය බෙදන්න කැමති ලිබරල් පක්ෂය ලන්සා අතට ගනියි

Published

on

මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන මන්ත්‍රී නිමල් ලන්සා කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ලිබරල් පක්ෂය හෙවත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාද පක්ෂය අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.

ලිබරල් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ දිගුකාලීන සාමාජිකයකු වූ ආචාර්ය චානක අමරතුංග මහතා විසින් මෙයට දශක හතරකට (1981) පමණ පෙර  පිහිටුවන ලද්දකි.

පාර්ලිමේන්තු මැතිවරණය වසර හයකට කල් දැමූ 1982 ජනමත විචාරණය මත 1982 දී ලිබරල් පක්ෂය එජාපයෙන් කැඩී ගියේය.

ශ්‍රී ලංකාවේ ලිබරල් චින්තනය ප්‍රවර්ධනය කිරීමට වසර හතරක උත්සාහයකින් පසුව, විශේෂයෙන්ම බලය බෙදීම සහ කේන්ද්‍රයේ බලය අඩු කිරීම ප්‍රවර්ධනය කරන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්, ආචාර්ය අමරතුංග සහ ඔහු වටාසිටි පිරිස දේශපාලන පක්ෂයක් ලෙස 1987 දී ලියාපදංචි කරන ලදී.

වසර 1996 දී අමරතුංග මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ලිබරල් පක්ෂයේ කැපී පෙනුන දේශපාලන නායකයා ලෙස පසුගිය කාලයේ කටයුතු කළේ මහාචාර්ය රජීව විජේසිංහ මහතාය.

2022 වසරේදී ලිබරල් පක්ෂය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙස නම වෙනස් කර තිබේ.

ඒ එම වසරේ ජූලි මාසයේ පවත්වන ලද පළමු සම්මේලනයත් සමඟය.

කමල් නිශ්ශංක පක්ෂයේ වත්මන් නායකයා වන අතර අමල් රන්දෙණිය වත්මන් මහලේකම් වේ.

ලන්සා කණ්ඩායම ලිබරල් පක්ෂය සමඟ සම්බන්ධවීමෙන් පසු ඉදිරියේදී ඊට නව නිලධාරී මණ්ඩලයක් පත්කොට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට භාරදීමට නියමිතය.

අනතුරුව ලන්සා කණ්ඩායමේ ඉදිරි දේශපාලන කටයුතු ලිබරල් පක්ෂය නමින් පවත්වාගෙන යනු ඇතැයි වාර්තා වේ.

මේ අතර, ලංසා පාර්ශ්වය බිහි කළ නව සන්ධානයේ ‌මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යාමේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ඇති බව වාර්තා වේ.

එහි සෙුස ක්‍රියාකාරීන් ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, අමාත්‍ය නලින් ප්‍රනාන්දු (පස් නලින්) හා පියංකර ජයරත්න යන අය කටයුතු කරන බව පැවසේ.

මේ අතර මෙම කණ්ඩායම සිය පළමු දේශපාලන රුලිය 2024 ජනවාරියේදී හැකිතාක් දැවැන්ත ලෙස සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බව කියැවේ.

සබැඳි පුවත්
ලංසා – ‌මෛත්‍රී එක්කත් රහස් කතාවක; මෛත්‍රීත් ජනපති සටනට සූදානම් 

ලන්සාට පහර දෙන්න ගිහින් චමින්ද මැතිසබෙන් දොට්ට

ලංසාගේ කරවල ‌සෙට් එක එක්ස්ප්‍රස් පර්ල් වන්දි ඉල්ලන්න ගිහින්! 

ලංසා නායකත්වය දෙන මංගල රැලිය ජාඇල

බැසිල්, රනිල් හමුවෙලා, කතා කළේ ලංසා ගැනයි

පුවත්

“සිදු නොවිය යුතු දෙයක් වුණා” – ප්‍රසන්න රණවීර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අද (17 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කලෙය.

සිදුවීමෙන් පසුව, එම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණයක් මතුව ඇත.

ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා ප්‍රකාශ ක්ලේ, “ඒ මනුස්සයා පව්නෙ , ඒ මනුස්සයා රස්සාවට එන්න ඕනෑ , ඇවිත් වැඩ කරන්න එපායැ , නැතිනම් ජීවත් වෙන්න විදියක් නැහැනෙ ”  ලෙසය.

කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මෙම සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද(17) උදෑසන අමාත්‍යවරයා වෙත කැඳවීමක් සිදු කර තිබූ අතර ඒ සඳහා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණි අමාත්‍යවරයා  පැයකට ආසන්න කාලයක් තුළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලීසියෙන් පිටතට පැමිණ තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හොර දොස්තරලා ගැන කියන්න Hotline එකක්

Published

on

By

රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ එවැනි සමහර පුද්ගලයින් ජනතාවට විවිධ මත් පෙති වර්ගද අලෙවි කරන බවය.

එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ක්ෂණික දුරකථන අංකය වන 1907ට ලබාදෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එම 40,000 තුළ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති පුද්ගලයින් රැසක් ද සිටින බව වෛද්‍ය විජේසිංහ පැවසීය.

Continue Reading

පුවත්

ගෝඨාභයට නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

Published

on

By

කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතාව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කලේය.

2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු 5ක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් 08 දෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට මරණ දණ්ඩනය නියම විය.

මෙම නියෝගය නිකුත් කළේ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved