පුවත්

බිත්තර මිලියන 03ක් මේ සතියේ ලංකාවට

Published

on

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතය.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසා සිටියේ, මෙලෙස ආනයනය කරන බිත්තරයක් රුපියල් 40 ක මුදලකට ලබා දීමේ හැකියාව පවතින බවය.

මේ වන විට ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අදාළ අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

Trending

Exit mobile version