පුවත්

මංගල ඡායාරූප ශිල්පියෙකු අත්අඩංගුවට ගනියි

Published

on

ශ්‍රී දළදා මාලිගාව අබියස පැවති අවසන් රන්දෝලි පෙරහැර ඩ්‍රෝනයක් යොදා ගනිමින් ඡායාරූප ගත් රසාංග දිසානායක නම් මංගල ඡායාරූප ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දළදා මාලිගාවට ඉහළින් ඩ්‍රෝන යානයක් පියාසර කරන බව හඳුනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ඩ්‍රෝන යානයට වෙඩි තබා දළදා මාලිගාවට ආසන්න හෝටලයකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දළදා මාලිගාවට ඉහළින් අනවසරයෙන් ඩ්‍රෝන කැමරා භාවිත කිරීම තහනම් වේ.

රන්දෝලි පෙරහැරේ තුන්වන දිනයේදී ඩ්‍රෝන යානයක් භාවිත කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version