Connect with us

පුවත්

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට – රුසියාවට 

Published

on

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පහසුකම් භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා 2023-01-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇතැයි රජය පවසයි.

ඒ අනුව අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර ආයතන 05ක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය පත්කල සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ M/s Shaurya Aeronautics (Pvt)Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත වසර 30ක කාල සීමාවක් සඳහා පැවරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ

පුවත්

මන්නා රමේෂ් හා ගෝලයන් තුන අද ලංකාවට

Published

on

By

ඩුබායිහිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත්තා සහ ඔහු ගේ ගෝලයන් බව කියන තිදෙනකු කටුනායක ගුවන්තොටුපොළෙන් අද (07) උදෑසන රැගෙන ගෙන ඒමට නියමිතය.

මෙම පාතාලයන් සිව් දෙනා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගිය බව පොලිස් මූලස්ථානය කියයි.

රහස් පොලිසියේ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ගේ මෙහෙයුම යටතේ එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ගත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.

ඉන්පසු ඔහුගේ ගෝලයන් තිදෙනෙක් ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

මන්නා රමේෂ් නමැත්තා රතු නිවේදන නිකුත් කර ඇති හතළිස් තුන්දෙනා ගේ ලයිස්තුවේ සිටින අයකු බව ද කියයි.

Continue Reading

පුවත්

කලින් වීසා ගාස්තු එලෙසම පවත්වාගෙන යන්න කැබිනට් අනුමැතිය

Published

on

By

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් අද (06) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

එසේම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇති බවද එම අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Published

on

By

පසුගිය දා බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ  E-Visa ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් VFS Global  සමාගමේ සම්බන්ධතාවයත් සමඟ මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ අද (06) දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් සඳහන්  කරන්නේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවෙන් VFS Global  සමාගම තෝරාගැනීමට හේතූන් හා එම සමාගමේ ශක්‍යතාවන්ය.

අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

“ඉහත කුමන තත්ත්වයක් තුලදී වුවද 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ වීසා අනුමත කිරීම, නිකුත් කිරීම හෝ නොකිරීමේ බලය ආගමන විගමන දෙපාර්තුමේන්තුව සතුබව සහතික කර ප්‍රකාශ කර සිටිමු” යනුවෙනි

අදාළ නිවේදනය මෙසේය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved