පුවත්

මත්පැන් නිෂ්පාදකයින්ට අලුත් නියෝගයක්

Published

on

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට නිෂ්පාදනය කරන සියලුම මත්පැන් සහ බියර් බෝතල් සහ කෑන්වල නිෂ්පාදිත දිනය මුද්‍රණය කිරීම අනිවාර්යය බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා නිවේදනය කර තිබේ.

සියලුම මත්පැන් නිෂ්පාදකයින් අද සිට මත්පැන් බෝතල්වල සහ කෑන්වල මූඩියට පහළින් සහ අලවන ලද ලේබලයට ඉහළින් නිෂ්පාදිත දිනය මුද්‍රණය කළ යුතුය.

මත්පැන් අලෙවිසැල්වල අලෙවි කරන මත්පැන් බෝතල්වල ආරක්ෂිත සලකුණු යෙදීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා විදෙස් විනිමය වැය කරමින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ස්ටිකරයක් ඇලවීමට කටයුතු කර තිබියදීත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මේ තීරණය මගින් තහවුරු වන්නේ එම ස්ටිකරය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති යන්න බව සුරාබදු වෘත්තීය සමිති පවසයි.

එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මත්පැන් බෝතල්වල ආරක්ෂිත සලකුණු යෙදීම පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ක්‍රමවේදයක් බැවින් එක කඩකිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට කිසිදු අයිතියක් නොමැති බවත් මත්පැන් නිෂ්පාදිත දිනය මුද්‍රණය කිරීම සඳහා මත්පැන් නිෂ්පාදකයින්ට විශාල පිරිවැයක් දරා යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට සිදුවන බවය.

Trending

Exit mobile version