පුවත්

මත් පෙති එක්ක කොටුවූ බදුල්ලේ දොස්තර අද අධිකරණයට!

Published

on

මත්පෙති 145ක් ළඟ තබාගෙන සිටි බදුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් 
ඊයේ (14) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම වෛද්‍යවරයා බදුල්ල මයිලගස්තැන්න පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී කාලයක සිට පාසැල් දරුවන්ට හා තරුණ, තරුණියන්ට මත්පෙති අලෙවි කරන බවට ලැබුණු තොරතුරුක් මත වැටලීම සිදුකර තිබුණි.

සැකකරුගේ මෝටර් රථය හා මත්පෙති බදුල්ල පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකාර වෛද්‍යවරයා අද (15) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version