පුවත්

“මම මැදිහත් වෙලා මේකේ දෙකෙන් එකක් බේරගන්නන්”

Published

on


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්  මහතා විසින් අත්හිටවූ උසස් පෙළ ප්‍රථිපල සහිත සිසුන් සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතුකරන ලදී.

පසුගිය මාසයේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් වුනා.ඒ ප්‍රථිපල නිකුත් වීමේදී ළමයි 456කගේ වගේ සංඛ්‍යාවකගේ සමහර විශයයන් සම්බන්ධව සමහර ප්‍රථිපල අත්හිටුවලා තියෙනවා මොකක් හරි හේතුවක් උඩ.


දැන් මේ මාසයේ 29 වැනිදාට කලින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන අයට අයෙදුම් කරන්න කියලා උසස් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දීලා තියෙනවා.

මේ වෙනකන් තවම අර අත්හිටවූ ප්‍රථිපල සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයේ ක්‍රියාමාර්ගයක් හෝ එක්කෝ ඒ ළමයින්ව අඬගහලා සම්මුඛ පරීක්ෂණත් පවත්වලා තියෙනවා. ඒ ප්‍රථිපල අත්හිටවූ ළමයින්ව විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුවට කැඳවලා.

ඉතාම කෙටි කාලයයි තිබෙන්නේ. විශ්ව විද්‍යාල වලට අයැදුම් කරන්න තියෙන කාලය තව දවස් හතක් වගේ…තවම මේ ළමයින්ගේ ප්‍රථිපල අත්හිටුවලා තියාගෙන ඉන්නවා…

වහාම මෙම ගැටළුව වෙත මැදිහත් වී කටයුතු කරන ලෙස මන්ත්‍රීවරයා විසින් අගමැතිනියගෙන් ඉල්ලා සිටින ලදී.

මේ සඳහා පිළිතුරු ලෙස අගමැති හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් පිළිතුරු ලබා දෙමින් සඳහන් කලේ,

බොහෝ වෙලාවට ඒවා අත්හිටුවන්නේ විනය ක්‍රියාමාර්ගයක් නිසා. නමුත් මම ඒ යෝජනාව පිළිගන්නවා.

මම මැදිහත් වෙලා වහාම මේක දෙකෙන් එකක් බේරගන්න.

 එක්කෝ මේ ළමයින්ට ප්‍රථිපල නිකුත් වෙන්න . නැත්නම් යම් කාලයක් ලබා දෙන්න මම මැදිහත් වෙන්නම්.

Trending

Exit mobile version