හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 09දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුගේ දේපොළ රාජසන්තක කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර, එය සලකා බැලීම අප්‍රේල් මස 09දා සිදුකිරීමට නියමිතය.