Connect with us

පුවත්

මහරගම බල ප්‍රදේශයේ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්න – අගමැති

Published

on

මින්පසු මහරගම බල ප්‍රදේශය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන මෙන් අග්‍රාමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (20) පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවස්ථාවේදීය.

ඊට අමතරව සංගීත සන්දර්ශන, කානිවල් සහ විවිධ කාරණා හේතුවෙන් දෛනිකව නිකුත් කෙරෙන සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මෙසේද දැක්වේ :

මහරගම ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය මෙහිදී විමසා බලනු ලැබූ අතර සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කෙරිණි. රජයේ නව සමාජ සුබසාධන වැඩසටහන සඳහා ඉල්ලුම්පත්‍ර 13377ක් ලැබී ඇති අතර දැනටමත් 2560 කගේ දත්ත රැස්කර අවසන් බව මෙහිදී අනාවරණය කෙරිණි. සමෘද්ධි සංවර්ධන නිලධාරින් සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සම්බන්ධ කර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය.

සෞඛ්‍ය අංශයේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලූ අතර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හිඟයක් සම්බන්ධයෙන් ද මෙහිදී අනාවරණය කෙරිණී. බොරලැස්ගමුව වැව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව නගර සභාවට භාරදීමට නියමිතව තිබුණත් ඒ පිළිබඳ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ නැවත අවධානය යොමුකර අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මහරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති හිමි, කොළඹ දිස්ත්‍රීක් ලේකම් කේ. ජී විජේසිරි, මහරගම ප්‍රාදේශීය ලේකම් එම්.එම් කේ දිල්රුක්ෂී ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

පුවත්

ලන්සාට අමුත්තා නිසා ජනපතිගේ රෑ කෑමත් එපා වෙයි

Published

on

By

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුවට බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම හේතුවෙන් නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ කණ්ඩායම එයට සහභාගි වී නැතැයි වාර්තා වේ.

මේ කමිටුවට බැසිල් පැමිණ ඇත්තේ වජිර අබේවර්ධන මහතාගේ යෝජනාවකට අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධක් අනුවය.

නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රමුඛ නව සන්ධානයේ කණ්ඩායම මෙම කැඳවීම පිළිබඳව මුල සිටම වි‍රෝධය දක්වා ඇතැයි පැවසේ.

“මේ වැඩවලට රාජපක්ෂල සම්බන්ධ කරගන්න එපා. අපි එතැන ඉඳලා ආවේ ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න බැරි නිසා.” යනුවෙන් ඔවුන් සිය විරෝධය පල කර තිබේ.

කෙසේ වෙතත් මෙම රැස්වීම ඔවුන් නොමැතිව බැසිල්ගේ සහභාගිත්වය ඇතිව පවත්වා ඇති අතර, එහිදී “රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කැම්පේන් එක කරනව නම් එතැන බැසිල් රාජපක්ෂ මහත්මයා ඉන්න ඕනෑ. එතුමා නැතුව කරන්න බැහැ.” යනුවෙන් වජිර අබේවර්ධන මහතා පවසා ඇතැයි වාර්තා වේ.

පැතිර යන ආරංචි අනුව වජිර අබේවර්ධන වෙතින් එවැන්නක් මතුවන විට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා “එහෙනම් අපි මෙතුමට කමිටුවේ සභාපතිකම දෙමු.” යැයි යොජනා කළ බවද පැවසේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ එම යෝජනාව උපක්‍රමශීලීව බැහැර කර ඇති අතර ඔහු පවසා ඇත්තේ ඔබතුමා ජනාධිපතිවරණයට එනවා නම් ඒ බව රටට දන්වන දිනය ප්‍රකාශ කරන්නට යැයි කියාය.

මේ අතර, ලන්සා ප්‍රමුඛ පිරිස එදින ජනාධිපතිවරයා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට ද නොපැමිණි බවටද ආරංචි පැතිර තිබේ.

මූලාශ්‍රය – දේශය

Continue Reading

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved