Connect with us

පුවත්

මහ බැංකුවේ පඩි වැඩි කිරීම කල් දාන්නැයි CoPF කියයි

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන පරිදි, පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPF) ශ්‍රී ලංකා මහා බැංකුවට අද (20) නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක් එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර, ඉහත නිර්දේශය එම වාර්තාවේ ඇතුළත් වේ.

වැටුප් වැඩිකිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් කඩිනමින් පත්කරන ලෙසට ද නිර්දේශ කරන බවත්, ඒ පිළිබඳ වාර්තාව සති 4ක් ඇතුළත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් මෙහිදී පවසා ඇත.

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved