පසුගියදා මාතලේ රත්තොට රජයේ වත්තක දුප්පත් පවුලකට සිදුවූ හිරිහැර කිරීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ (22) සිදුකළ විරෝධයකින් පාර්ලිමේන්තුව උණුසුම් විය.
මන්ත්‍රීවරුන් විසින් සභා ගර්භය මැදට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදී තිබුණි.
රෝහිණී කුමාරි විජේරත්න, වඩිවෙල් සුරේෂ්, එස් රාධක්‍රිෂ්ණන්, මනෝ ගනේෂන්, එස්.වේළු කුමාර්, කින්ස් නෙල්සන්, චමින්ද විජේසිරි, කාවින්ද ජයවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සම්බන්ධ වී සිටි මෙම විරෝධතාව හේතුවෙන් පැයකට ආසන්න කාලයක් සභාවේ කටයුතු පාලනය කරගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව වාර්තා වේ.
මෙම විරෝධතාවයට පාදක වූ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළ වූ වීඩියෝවක් ගැන ඊයේ දිනයේදී ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතාද පැහැදිලි කිරීමක් ද සිදුකර තිබුණි.
සබැදි පුවත් :
ජීවන් කරුණු පහදයි