පුවත්

මියන්මාර සරණාගතයින් රැගත් යාත්‍රාව ත්‍රිකුණාමලයට

Published

on

මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි මියන්මාර් ජාතිකයින් පිරිසක් රැගත් බහුදින ධීවර යාත්‍රාව  ත්‍රිකුණාමලය වරායට රැගෙන යාමට පියවර ගෙන  තිබේ.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසා ඇත්තේ මෙම පිරිස සම්බන්ධයෙන් ජාත්‍යන්තර හා මෙරට නීතිය අනුව කටයුතු කරන බවය.

මියන්මාරයේ සිට සරණාගතයින් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව ඊයේ (19) මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණ ඇත.

ප්‍රදේශයේ ධීවරයින් මෙම යාත්‍රාව පළමුව දැක තිබූ අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

පසුව නාවික හමුදාව විසින් පැමිණි පිරිසට අවශ්‍ය කෑම බීම හා ඖෂධ ආදිය ලබා දී තිබේ.

Trending

Exit mobile version