පුවත්

මෙරටට මත්පෙති ගෙන්වූ පුද්ගලයෙකු 12 වසරක් සිපිරිගෙට

Published

on

මෙරටට මත්පෙති ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (16) දිනයේදී බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කර තිබේ.

ඒ, 2020 වසරේ ප්‍රංශයේ සිට මත්පෙති 5,000 කට අධික සංඛ්‍යාවක් ගෙන ඒමේ චෝදනාව යටතේයි. 

මෙසේ සිරදඬුවම් නියම වුණේ කොළඹ 12, මිරානියා වීදියේ පදිංචි පුද්ගලයෙකුටයි. 

2020 වසරේ ජූලි මස 10 වනදා ප්‍රංශයේ සිට  නීති විරෝධී මත්පෙති 5,716 ක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Trending

Exit mobile version