පුවත්

මෙරට වායු දූෂණය ඉහළට

Published

on

කොළඹ ඇතුළු මෙරට ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය, සෞඛ්‍යයට අහිතකර මට්ටමක් වන 150 – 200 ත් අතර අගයක පවතින බවයි.
සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාගෙන ඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වූ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි මහතා පවසා තිබේ.

මේ හේතුවෙන් කොළඹ අහස මීදුම් වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු ඊයේ දිනයේදීද දිස් විය.

හැකි තාක් එළිමහනට නොගොස් නිවෙස් තුළ සිටීමෙන් හා නිවසින් බැහැරව යන විටදී මුඛ ආවරණයක් පැළඳීම සුදුසු බව විශේෂඥ වෛද්‍ය මතයයි.

Trending

Exit mobile version