Connect with us

පුවත්

මෙල්බර්න් ශ්‍රීලන්කන් ප්‍රමාදය ගැන වාර්තාවක් කැඳවයි!

Published

on

ශ්‍රීලන්කන් ගුවන් යානයක් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පමාවීම සම්බන්ධයෙන් එරට සිටින සිය නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබේ.

පැය ගණනාවක් මෙල්බර්න් ගුවන්තොටුපොලේ අපහසුතාවයට පත් ගුවන් මගීන්ට හැකි උපරිම ආකාරයෙන් පහසුකම් සැලසීමට පියවර ගත් බවද ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවසයි.

එමෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහන් කළේ මෙම සිදුවීමේදී තම සමාගම ප්‍රමුඛත්වය ලබාදුන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බවය.

අප්‍රේල් 15 වනදා එනම් පසුගිය සෙනසුරාදා ඔස්ට්‍රේලියා වේලාවෙන් පස්වරු 4.10 ට මෙල්බර්න් නුවරින් පිටත්ව කොළඹ දක්වා පියාසර කිරීමට නියමිතව තිබු UL-605 දරන ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ ගමන් වාරය අනපේක්ෂිත ලෙස ප්‍රමාද විය.

ඒ එම ගුවන්යානයේ ඇතිවු දෝෂයක් හේතුවෙනි.

ඒ සමග එම ගුවන්යානයෙන් මෙරටට පැමිණීමට නියමිතව සිටි ගුවන් මගීන් මෙල්බර්න් ගුවන්තොටුපොලේදී දැඩි අපහසුතාවයට පත්විය.

එහිදී මගීන් චෝදනා කළේ, ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් කිසිදු වගකිවයුතු නිලධාරීයෙකු හෝ එහි නොපැමිණි බවය.

කෙසේවෙතත් යානයේ ඇතිවූ දෝෂ නිවැරදි කිරීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඉංජිනේරුවන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සෙනසුරාදා රාත්‍රීයේම මෙල්බර්න් වෙත පිටත් කර යැවූ බව වාර්තා විය.

ගුවන් යානයේ දෝෂ නිවැරදි කිරීමෙන් අනතුරුව පැය 30 කට ආසන්න කාලයක් ප්‍රමාද වූ ශ්‍රීලන්කන් ගුවන් යානය මගීන් 218 ක් රැගෙන මෙරට වේලාවෙන් පෙරේදා (16) රාත්‍රී 10ට මෙල්බර්න් ගුවන්තොටුපොලෙන් ගුවන් ගත කෙරුණි.

යානය කටුනායකට ළඟාවූයේ ඊයේ (17) උදෑසන 7.40ට පමණය

පුවත්

රණවිරු දින සැමරුම් උත්සවයට පාරවල් වැසේ

Published

on

By

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් එළඹෙන ඉරිදා (19)  විශේෂ රථවාහන සැලැස්මක් ක්‍ර්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

ඒ අනුව එදින සවස 3.00 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට ක්‍රියාකරනු ඇත.

ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙන අතර, විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.

Continue Reading

පුවත්

“සිදු නොවිය යුතු දෙයක් වුණා” – ප්‍රසන්න රණවීර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අද (17 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කලෙය.

සිදුවීමෙන් පසුව, එම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණයක් මතුව ඇත.

ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා ප්‍රකාශ ක්ලේ, “ඒ මනුස්සයා පව්නෙ , ඒ මනුස්සයා රස්සාවට එන්න ඕනෑ , ඇවිත් වැඩ කරන්න එපායැ , නැතිනම් ජීවත් වෙන්න විදියක් නැහැනෙ ”  ලෙසය.

කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මෙම සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද(17) උදෑසන අමාත්‍යවරයා වෙත කැඳවීමක් සිදු කර තිබූ අතර ඒ සඳහා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණි අමාත්‍යවරයා  පැයකට ආසන්න කාලයක් තුළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලීසියෙන් පිටතට පැමිණ තිබුණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හොර දොස්තරලා ගැන කියන්න Hotline එකක්

Published

on

By

රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ එවැනි සමහර පුද්ගලයින් ජනතාවට විවිධ මත් පෙති වර්ගද අලෙවි කරන බවය.

එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ක්ෂණික දුරකථන අංකය වන 1907ට ලබාදෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එම 40,000 තුළ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති පුද්ගලයින් රැසක් ද සිටින බව වෛද්‍ය විජේසිංහ පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved