Connect with us

පුවත්

මෛත්‍රීගේ ප්‍රකාශය අද අධිකරණයට

Published

on

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (27) අධිකරණයට කරුණු වාර්තා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නා ලෙසද ඉල්ලීමක් කිරීමට නියමිත නීතිපති දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවද වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු දුන් ප්‍රකාශය ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය 22 වැනි දා මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෙරේදා ප්‍රකාශයක් ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි.

සබැඳි පුවත් :
මෛත්‍රී CIDයේ ප්‍රකාශය දෙද්දි කොළඹ හතේ සතර කන් මන්ත්‍රණයක් 

මෛත්‍රී CIDය ට එයි (Update)

කාවින්ද මෛත්‍රීට එරෙහිව CIDයට යයි

පාස්කු බෝම්බ කරුවන් දන්නා බව මෛත්‍රී කියයි 

පුවත්

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැති කියයි

Published

on

By

පසුගිය වසර 10 තුල ශ්‍රී ලංකන් ගුවන් සමාගම අති විශාල පාඩුවක් ලබා ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ එය රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් බවයි.

අගමැතිවරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒ ඒ වර්ශ වලදී ලැබූ පාඩුව කෙතරම් ද යත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කලේය. ඒ අනුව,
2017 – 2015 – රුපියල් කෝටි 16330 කට වැඩි මුදලක්
2015 – 2016 – රුපියල් කෝටි 13084 කට වැඩි මුදලක්
2016 – 2017 – රුපියල් කෝටි 2800 ක මුදලක්
2017 – 2018 – රුපියල් කෝටි 1858 කට වැඩි මුදලක්
2018 – 2019 – රුපියල් 417 ක මුදලක්
2019 – 2020 – රුපියල් කෝටි 4413කට වැඩි මුදලක්
2020 – 2021 – රුපියල් කෝටි 4970කට වැඩි මුදලක්
2021 – 2022 – රුපියල් කෝටි 16358 කට වැඩි මුදලක්
2022 – 2023 – රුපියල් කෝටි 7130 ක මුදලක්
2023 – 2024 – රුපියල් කෝටි 1247කට වැඩි මුදලක්
වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබා ඇතැයි ඔහු සඳහන් කළේය.

ගුවන් සමාගම වැඩිම පාඩුවක් ලබා ඇත්තේ 2021-2022 කාලයේදීය. එම කාල සීමාවේදී ලැබූ පාඩුව රුපියල් කෝටි 16358කි.

Continue Reading

පුවත්

ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න යන සිසුන්ට බාධා

Published

on

By

ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු “ඉතුරුම් මුදල” නැවතත් වැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

වාර්තාගත සංක්‍රමණ පාලනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස වංචනික ශිෂ්‍ය බඳවා ගැනීමේ පිළිවෙත් පිළිබඳ විද්‍යාල කිහිපයකට අනතුරු අඟවා ඇති පසුබිමක මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවද ඔවුන් පවසයි.  

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීමට බවය.

ලබන සිකුරාදා (10)  සිට, ජාත්‍යන්තර සිසුන් ඔවුන්ගේ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා අවම වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 29,710 (අමෙරිකානු ඩොලර් 19,576) ඉතුරුම් පිළිබඳ සාක්ෂි පෙන්විය යුතුය.

මෙය මාස හතක කාලයක තුළ දෙවන වැඩිවීමයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදලඕස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමීම සිදුවිය.

2022 දී Covid-19 සීමාවන් ඉවත් කිරීම සමඟ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉහළ ගිය අතර , ඒත් සම්ඟින් එහි  නිවාස වෙළෙඳපොල මත දැඩි පීඩනයක්.එල්ල වී තිබේ.

මේ හේතුවෙන්  මෑත කාලීනව ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට ක්‍රියාමාර්ග රාශියක් අලුතින් හඳුන්වාදීමට ඕස්ට්‍රේලියානු රජය විසින් කටයුතු කරන ලදී.

ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ආදායම් මාර්ගයක් වන අතර, 2022/23 වසරේදී ඒ ඔස්සේ ඔවුන් ලැබූ ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4කි.

Continue Reading

පුවත්

මන්නා රමේෂ්ගේ නිවසින් සැක බඩු

Published

on

By

ඩුබායි සිට මෙරටට  රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවූ බව බස්නාහිර  පළාතේ දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි.

එම දේපළ සොයාගැනීමට හැකි වී ඇත්තේ අවිස්සාවේල්ල යාලගම නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදීය.

අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී සොයාගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීය.

බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ 7/1  පනත යටතේ පැය 72 ක කාලයක් සැකකරු අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා  කටයුතු කරන බව පොලිසිය කියයි.

(ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved