රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කොළඹ අවට රජයේ බංගලා නිවාස 50කි.
එමෙන්ම ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ද ජනාධිපති මන්දිර පිහිටා ඇති අතර කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගනු නොලැබේ.
ජනාධිපති මන්දිරවලට අමතරව රාජ්‍ය නායකයින් ගණනාවකගේ නිල නිවාසද නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලනය යටතේ පවතිනු ඇත.
එමෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයේ පරිපාලනය යටතේ නුවරඑළියේ අග්‍රාමාත්‍ය නිල නිවාසයක් පවතී.
මෙම රජයේ දේපළ නඩත්තුවට විශාල මුදලක් වැය කර වුවත්, එම දේපළ ඌන උපයෝජන තත්ත්වයක බැවින් එම පරිශ්‍රයන් ජනාධිපතිතුමා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර ඇත.