පුවත්

රජ පුතාගේ කොරල් එනර්ජි ආණ්ඩුවට තවත් කෝටි 308ක් පාඩු කරයි!

Published

on

සපුගස්කන්ද පිරිපහදුවට ගෙන ආ බොරතෙල් නැව් හතරක් ගොඩ බෑම ප්‍රමාදවීම නිසා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි තුන්සිය අටකට වැඩි මුදලක් ගෙවීමට රජයට සිදුව ඇතැයි වාර්තා වේ.

ආන්දෝලනයට ලක් වූ ඩුබායිහි කොරල් එනර්ජි DMCC සමාගම මෙරටට එවූ nissos delos, zhen 1, Alfios 1, vernadsky prospect යන නෞකාවලට මෙම මුදල ගෙවීමට සිදු වී තිබේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටින්නේ මෙම තෙල් ආනයනය කිරීම තුළින් අමෙරිකානු ඩොලර් මිලියන 100 කට වැඩි පාඩුවක් රටට සිදුව ඇති බවයි.

එසේම, මේ සමාගම වර්තමාන අමාත්‍යවරයා පත්වීමත් සමග ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනයට එක්ව ඇති බවත් ඔහු කියා සිටී.

මේ දූෂිත ගණුදෙනුවෙන් 20% ක ලාභයක් මේ රටේ සිටි රජ කෙනෙකුගේ පුතෙකුට හිමිවන බවත් තෙල් ගෙන එන සමාගම් වල දේශීය නියෝජිතයන් සහ දේශපාලනඥයන් මෙම ගණුදෙනුවෙන් ඩොලර් මිලියන ගනන් හම්බ කරගෙන ඇති බවත් ජයසේකර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය.

Trending

Exit mobile version