මේ වනවිට රට පුරා 40,000ක ගුරු හිගයක් පවතින බවත්, මේ වසර අවසන් වන විට පුරප්පාඩු ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ බඳවා ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (21) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද කීය.
රජයේ පාසල්වල පළමු වසර සිට පහ වසර දක්වා සිංහල මාධ්‍ය ගුරු පුරප්පාඩු 4240ක් සහ දමිළ මාධ්‍යයෙන් පුරප්පාඩු 2827ක් පවතිනවා. හය වසර සිට එකොළහ වසර දක්වා ගුරු පුරප්පාඩු සිංහල මාධ්‍යයෙන් 11274ක් සහ දමිළ මාධ්‍යයෙන් 6121ක් තිබෙනවා.
බස්නාහිර පලාතේ පමණක් රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු පළමු වසර සිට පහ වසර දක්වා සිංහල මාධ්‍යයෙන් 1310ක් ද දමිළ මාධ්‍යයෙන් 302ක් සහ හය එකොළහ වසර සඳහා සිංහල මාධ්‍යයෙන් 1325ක් සහ දමිළ මාධ්‍යයෙන් 397ක් ගුරු පුරප්පාඩු තිබෙනවා. සමස්ථයක් ලෙස දිවයින පුරා 40,000ක ගුරු පුරප්පාඩු පවතිනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ පුරප්පාඩු පිරවීමේදී විභාග ක්‍රමයක් යටතේ බඳවා ගැනීම් සිදු කරන්න කියලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කරලා තිබෙනවා. උපාධිධාරීන් ගුරු වෘත්තියට බඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට උසාවියේ නඩු කටයුත්තක් සිද්ධ වෙනවා මෙි සියල්ල සලකා බලලා ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත් පවතින පුරප්පාඩු ප්‍රමාණයෙන් යම් කොටසක් හෝ මේ වසර අවසන් වන විට පුරවන්න රජය බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.