Connect with us

පුවත්

රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි

Published

on

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද  යාපා අබේවර්ධන  මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

40 වෙනි අධිකාරියවූ  මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

පුවත්

ලබන සතියේ ග්‍රාම නිලධාරීන් ලෙඩින්

Published

on

By

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන සඳුදා (06) සහ අඟහරුවාදා (07) වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වාර්තා වේ. 

ඒ අනුව දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව ග්‍රාම නිලධාරී සංගම් එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී සඳහා වර්තමානයේ දෙන පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය.

ඒ පිළිබඳ අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද කිසිදු පියවරක් මේ දක්වා නොගත් බවද ඒ මහතා විසින් පවසන ලදී.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සහ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා හැකි ඉක්මනින් වර්තමානයට ගැලපෙන ලෙස ඉහළ දැමිය යුතු බවත් නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

අධික රස්නය සමඟ ජලාශ පතුළටම හිඳෙයි

Published

on

By

මධ්‍යම කඳුකරයේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති. 

පවතින අධික වියළි කාලගුණයත් සමග අද (04) දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇත.

එමෙන්ම මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49 කින් පහළ බැස තිබේ.

මේ ජල මට්ටම පහල බැසිම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , හින්දු කෝවිල ඇතුළු නටබුන් රැසක් යලි මතු වි ඇත.

Continue Reading

පුවත්

නඩුවේදී ජනපති වතු කම්කරුවන් වෙනුවෙන්

Published

on

By

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

වතු හාම්පුතුන් පවරන්නට යන බව කියන නඩුවට අදාළව කම්කරුවන්ගේ පැත්තේ සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිඥ සහාය මෙන්ම නීති උපදෙස් සපයන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සම බලධාරීන්ට උපදෙස් දී ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගල පැවති මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කළ අතර අදාල වැටුප වැඩිවෙන ආකාරය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් වරයා අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය.

අනතුරුව වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රකාශ කළේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අදාල වැටුප් වැඩි වීම සිදුකර ඇති හෙයින් තමා අධිකරණය හමුවට යන බවයි.

ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය කරන අවස්ථාව වන විට තම සංගමය වැටුප් වැඩි කිරීම ගැන අවසන් තීරණයක් ගෙන නොතිබූ බවයි.

කෙසේ වුවද වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම ප්‍රකාශයට පත් කළේ වතු හාම්පුතුන්ගේද එකඟතාවය මත බව රජය සඳහන් කරයි.

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved