පුවත්

රට සරසවි හා එක්ව උපාධි දෙන ආයතනවලින් ප්‍රවේශම් වෙන්න – අධ්‍යාපන අමාත්‍යංශය

Published

on

විදේශීය විශ්වවිද්‍යාල සමග අනුබද්ධව උපාධි ප්‍රදානය කරනු ලබන ආයතන නියාමනය නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එසේ හෙයින් උපාධි පාඨාමාලා ආරම්භ කිරීමට පෙර එම ආයතන සම්බන්ධයෙන් විධිමත්ව සොයා බලන ලෙස උපදෙස් දෙන අමාත්‍යාංශය එවැනි දේශීය ආයතනය හා විදේශ විශ්වවිද්‍යාලය අතර වලංගු ගිවිසුමක් පවතින්නේ ද යන්න පරීක්ෂා කරන ලෙසත් එම විදේශ විශ්වවිද්‍යාලය පොදු රාජ්‍ය මණ්ඩල විශ්වවිද්‍යාල වාර්ෂික පොතෙහි හෝ ලෝක උසස් අධ්‍යාපන දත්ත සමුදායේ ලැයිස්තුගත කර තිබේ ද යන්න සොයා බලන ලෙසත් අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

එමෙන්ම උපාධි අධ්‍යයන කටයුතු සඳහා ප්‍රමාණවත් පහසුකම් දේශීය ආයතනය සතුව තිබේද යන්න හා විදේශ විශ්වවිද්‍යාලය සමග ඍජු ලියාපදිංචිය සඳහා දේශීය ආයතනය පහසුකම් සලසන්නේ ද යන්න සහතික කර දැනගන්නා ලෙසත් අමාත්‍යාංශය දැනුම් දෙයි.

අමාත්‍යාංශය විසින් පිළිගනු ලැබ ඇති නිල උපාධි ලැයිස්තුව www.mohe.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

මෙම දැනුම් දීම කිරීමට හේතු වී ඇත්තේ විදේශීය විශ්වවිද්‍යාල සමග අනුබද්ධව උපාධි ප්‍රදානය කරන බව සඳහන් කරමින් ක්‍රියාත්මක උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධයෙන් ලැබී තිබෙන පැමිණිලි හේතුවෙනි.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version