වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබා දෙන බව ප්‍රසන්න රණතුංග විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.
ප්‍රසන්න රණතුංග මහතා එම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයාට සහය ඔහු ලබා නොදෙන බවය.
තම පියාගෙන් පසුව තමාට සිටින පරමාදර්ශී දේශපාලන චරිතය මහින්ද රාජපක්ෂ මහතා බවත්, අතීතයේ මෙන්ම වර්තමානයේදීත් ඔහුට ඇති ගෞරවය හා ආදරය එලෙසින්ම පවතින බවත් ප්‍රසන්න රණතුංග මහතා මෙම ලිපියේ සදහන් කර ඇත.
කෙසේවෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත පත් කිරීමෙන් මිස පාක්ෂිකයන් රැක ගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ පෙනෙන්නට නොමැති බැවින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නමුත්, ඉන් ඔහු පොහොට්ටුව අත්හැර යන බව හෝ එජාපය සරණ යන බව ගම්‍ය නොවන බවත් ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.