ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක යන මහත්වරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රසිද්ධ කොට ඇත.
වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නව පනත අනුව මෙලෙස සියලු මහජන නියෝජිතයන්, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සැවොම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර ඒවා අල්ලස් කොමිසමේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීම ද පනතේ එක නියමයකි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පනත ඉදිරිපත් කළ අතර ඒ අනුව සෑම වසරකම මහජන නියෝජිතයන් ඇතුළු සියලු නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය.
මින් පෙර දේශපාලඥයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තුව, පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනයේ සේප්පුවක තැන්පත් කරන නමුත් නව පනත අනුව ඒ සියලු වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත යැවිය යුතුවේ.
අල්ලස් කොමිසමේ වෙබ් අඩවිය වෙත ගොස් වත්කම් බැරකම් ප්‍රකාශ දුන් හා නොදුන් අය ගැන තොරතුරු දැනගත හැකි අතර හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මේ දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ භාරදී නැතැයි සොයා බැලීමේදී හෙළිවිනැයි ප්‍රේමනාත් සී. දොළවත්ත මන්ත්‍රීවරයා කීවේය.