පුවත්

“රනිල් මහත්තය එක්ක තිබුනේ දීගයක් නෙවෙයි තාවකාලික විවාහයක්”

Published

on

පාරම්පරික හා ප්‍රතිපත්තිමය වශයෙන් රනිල් වික්‍රමසිංහ පාර්ශවය සමඟ එකඟතාවක් නොතිබුණත් එදා ඒ මොහොතේ පැනනැගුණ අවශ්‍යතාව පරිදි රට භාරගත් එකම පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහය දී රට ස්ථාවර කිරීමට සහය වීම ගැන සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එම ක්‍රියාවෙන් රට ස්ථාවර වුවද දේශපාලනික වශයෙන් බෙදීමක් ඇති වුණත් ඒ පිළිබඳව පසුතැවීමක් නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේය.

”රනිල් වික්‍රමසිංහ මහත්තය එක්ක තිබ්බේ දීගයක් නෙවෙයි තාවකාලික විවාහයක්. රටේ අවශ්‍යතාව අනුව අපි ඒ කාරණය ඉෂ්ට කරනවා. මොකද අපි දේශපාලනය කරන්නේ අපේ අවශ්‍යතාවට නෙවෙයිනේ. දේශපාලන බලවේගයක් විදිහට අපිට වගකීමක් තියෙනවා රටේ පැනනැගෙන දේශපාලන අවශ්‍යතාවන්ට අනුකූලව හැඩගැහෙන්න. ඒ අනුව පාරම්පරික වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් හැම කාරණයකදීම අපියි රනිල් වික්‍රමසිංහ මැතිතුමායි අතර සමබන්ධයක් නොතිබ්බත් ඒ වෙලාවේ විපක්ෂ නායකතුමා භාරගත්තේ නැහැ. අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිතුමා භාරගත්තේ නැහැ. ෆොන්සේකා මහත්තයා භාරගත්තේ නැහැ. ඒ අනුව භාරගත්ත එකම මනුස්සයට උදව් කරලා රට ස්ථාවරත්වයට අරගෙන එන්න අපි කටයුතු කළා. ඒ පිළිබඳව අපි සතුටු වෙනවා. එක පැත්තකින් රට ස්ථාවර වුණා. අනික් පැත්තෙන් අපි දේශපාලනිකව බෙදුණා. ඒක වෙනම කාරණයක්. හැබැයි අපි ඒ වෙලාවේ කළ යුතු දේ කළා. ඒ පිළිබඳව අපි පසුතැවෙන්නේ නැහැ”

Trending

Exit mobile version