අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙක් පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීන් භාර නිලධාරී එච්. පී. සුමනසිරි මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉන් රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙක්ගේ මැතිවරණ රාජකාරි අත්හිටවූ බවයි.
දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් එම රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 17ක් ඊයේ (18) වාර්තා වී තිබුණි.