පුවත්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 27දා අරලියලහ මැදුරේ

Published

on

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය නොවැම්බර් මස 27 වැනිදා පස්වරු 2.00ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහිදී ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන සාහිත්‍යරත්න සම්මානයෙන් මහාචාර්ය ජිනදාස දනන්සූරිය (සිංහල අංශය), අන්නලක්ෂ්මී රාජදුරයි (දමිළ අංශය) සහ සම්මානිත මහාචාර්ය වෝල්ටර් පෙරේරා (ඉංග්‍රීසි අංශය) උපහාර පිදුම් ලබති.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මේ උලෙළ සම්භාවනීය අමුත්තන්, ලේඛක ලේඛිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව එක්ව මෙකී උලෙළ සංවිධානය කරනු ලබයි.

Trending

Exit mobile version