පුවත්

රිෂාඩ් සහ සජිත් ගිවිසුමකට අත්සන් තබයි

Published

on

ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීම සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් අද (15) ගිවිසුමකට අත්සන් තැබීය.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලකදී අද දහවල් මෙම ගිවිසුමට අත්සන් තැබුණි.කෙසේවෙතත්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවට අද ප්‍රතිඥා දී තිබුණි.

මෙලෙස සහය පළ කර ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රාහුමාන්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ය.

Trending

Exit mobile version