Connect with us

පුවත්

ලංකාවට අවශ්‍ය ඇමතිලා 15 යි, සමීක්ෂණයකින් හෙළිවෙයි

Published

on

මෙරටට අවශ්‍ය අමාත්‍යාංශ 15කින් යුත් ඇමැති මණ්ඩලයක් පමණක් බව තම ආයතනය සිදුකළ අධ්‍යයනයකින් තහවුරු වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 

එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් මහතා පවසන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය ක්‍රමවත් විධායකයක් ඇති කිරීමේ පරමාර්ථයෙන් තාර්කික ආණ්ඩුවකට අච්චුවක් ඉදිරිපත් කර ඇති බවය. 

අති විශේෂ ගැසට් පත්‍රයක ආකාරයෙන් සකසා ඇති මෙමගින් අමාත්‍යංශ 15කින් යුතු රාජ්‍ය ව්‍යහුයක් සංවිධානය කරන ආකාරය දක්වන බවත් මෙම ලේඛනය තුළ ක්‍රියාවට නැංවිය යුතු රාජකාරි, කාර්යයන් ආයතන සහ ගතයුතු පියවර ලැයිස්තු ගතකර ඇති බවත් ඔහු පැවැසුවේය.

නිශාන් ද මෙල් මේ බව පැවැසුවේ ඊයේ (09) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

වෙරිටේ රිසර්ච් ආයතනය මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ අමාත්‍යංශ 15කින් යුත් ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීම වෙනුවෙන් සකසා ඇති අධ්‍යයන වාර්තාව ජනමාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීමටය. 

එහිදී වැඩිදුරත් අදහස් දක්වා සිටි ආචාර්ය නිශාන් ද මෙල් මෙසේ ද කියා සිටියේය.

”අපි ඊයේ සිට සියලුම දේශපාලන පක්ෂවලට අපේ මේ අධ්‍යයනය ලබාදීම ආරම්භ කළා. ගැළපෙන විෂයන් බෙදාවෙන් කරලා තමයි අමාත්‍යාංශ හදන්න ඕනේ. මෙතුවක් කලක් අපේ රටේ වුණේ නැත්තේ ඒක. හාත්පසින්ම වෙනස් විෂයන් ගොඩක් එකට එකතු කරලා අමාත්‍යාංශය හදනවා. ජනතාව ඒකෙන් අපහසුතාවයට පත්වෙනවා. උදාහරණයක් විදියට කියනවා නම් එක වතාවක් කෘෂිකර්මය, වාරිමාර්ග, පශු සම්පත් සංවර්ධනය සහ පොහොර යන විෂයන් විවිධ අමාත්‍යාංශවලට බෙදා වෙන් කරලා තිබුණා. සංචාරක, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු සඳහා එක් අමාත්‍යාංශයක් ද විදුලි සංදේශ, රැකියා සහ ක්‍රීඩා සඳහා එක අමාත්‍යාංශයක් ද වෙන් කරල තිබුණා. මේවා එකිනෙකට හොඳටම වෙනස් ආයතන.

මීට අමතරව ආණ්ඩුව කරන්නේ නිරන්තරයෙන් වෙනස්වීම්. දෙදාස් දහයේ ඉඳන් දෙදාස් විසිතුන දක්වා අමාත්‍යංශවල සංයුතිය ඒවාට අයත් ආයතන සහ ඒවාට පැවරෙන පනත් ඇතුළු සියල්ල අවම වශයෙන් ගැසට් පත්‍ර නැවත නැවත වෙනස් කරලා තියනවා. මේ සෑම ගැසට් පත්‍රයක්ම ප්‍රකාශයට පත්කර ඇත්තේ ආණ්ඩුවේ ව්‍යහුයට අදාළ වෙනස්කම් සිදුකිරීමේ අරමුණින්. මෙම විෂයන් මෑත කාලීනව ජනාධිපතිවරුන් යටතේ වැඩි වශයෙන් වෙනස් වෙලා තියනවා. එකම අමාත්‍යංශයට ඇමැතිවරු දෙතුන් දෙනෙක් ඉන්නවා. නමුත් වැඩේ හරියට වෙන්නෙත් නැහැ. අපි මේ සියල්ලම සලකල බලල අධ්‍යනය කරලා තමයි මෙම තාර්කික ව්‍යුහය හැදුවේ. මෙච්චර අමාත්‍යාංශ ඇමැතිලා රටට අවශ්‍ය නැහැ. අවශ්‍ය අමාත්‍යාංශ පහළොවයි ඇමැතිලා පහළොවයි.”

පුවත්

පුත්තලමේ පාසල් සඳහා හෙටත් නිවාඩු

Published

on

By

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (21) දිනයේදීත් වසා තැබීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යයක්‍ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

Continue Reading

පුවත්

කෙහෙළිය යළිත් රිමාන්ඩ්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් අද (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

Continue Reading

පුවත්

විජයදාස ට සහ කීර්ති ට වාරණයක්

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved