පුවත්

ලංකාව – මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 2ක්

Published

on

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 2කට එළඹීමට ඊයේ (29) දින පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල රැස්වේමේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

රේගු කටයුතු පිළිබඳව සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය සහය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් මෙන්ම සෞඛ්‍යය ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමට එළැඹීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මේ අනුව, රේගු කටයුතු පිළිබඳව ගිවිසුමට එළැඹෙන්නේ රේගු කටයුතු වලට අදාල සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය සහය ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය කිරිම හා වැඩි දියුනු කිරීම සහ දෙපාර්ශවය අතර අන්‍යෝන්‍ය අවබෝධය හා සන්නිවේදනය ශක්තිමත් කිරීම අරමුණුකොටය.

තවද, සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ මහජනතාවගේ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීම මඟින් දෙරට අතර සෞඛ්‍යය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ විධිමත් කිරීම අනෙක් ගිවිසුමේ අරමුණු වේ.

මෙම යෝජිත කෙටුම්පත් ගීවිසුම් සඳහා නීතිපතිවරයාගේ නිශ්කාශනය ලැබී ඇත.

Trending

Exit mobile version