පුවත්

ලොරියක ගැටී දකුණු දළය අහිමි වූ ‘සුමේධ’ හමුවෙයි

Published

on

පසුගියදා හබරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල ප්‍රදේශයේදී ලොරි රථයක ගැටී දළය කැඩීයාමෙන් අනතුරට පත්වු ඇතා අද (14) උදෑසන තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලබුනෝරුව ප්‍රදේශයේ වැවක් අසලදි වනජීවී නිලධාරීන්ට හමුවී තිබේ.

හබරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා (07දා) අලුයම ලොරි රථයක ගැටී දකුණු දළය අහිමි වූ ‘සුමේධ’ නමැති මෙම හස්තියා  සොයා වනජීවී නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.

අද උදෑසන ලබුනෝරුව ප්‍රදේශයේ  වැවක් අසල නිදාගෙන සිටියදී මෙමෙ හස්තියා වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මේ වනවිට අදාල ඇතා රංචුව සමඟ සිටින බවට වනජීවී නිලධාරීන් විසින් නිරික්ෂණය කර ඇති අතර ඇතාට අවශ්‍ය ප්‍රතිකාර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම විසින්  සිදු කිරීමට නියමිතය.

Trending

Exit mobile version