Connect with us

පුවත්

ලොහාන් රත්වත්තේ ඇමතිකමට පත්වුණ දවසෙම ඉල්ලා අස්වෙලා

Published

on

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා ඊයේ දිනයේ නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.

පසුගිය 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොහාන් රත්වත්තේ මහතාගේ පත්වීම හා ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් නිකුත් කර තිබේ. 

පළමු ගැසට් නිවේදනයේ දැක්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය 29 වැනිදා සිට ලොහාන් රත්වත්තේ මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කර ඇති බවයි.

පුවත්

අපනයන ආදායමේ සැළකිය යුතු පහළ යෑමක්

Published

on

By

පසුගිය වසරේ  (2023)  ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11911 වශයෙන් සටහන් වේ. එය පෙර වසරට (2022) සාපේක්ෂව 9.1%ක පහළ යාමක් බව මහ බැංකුව පෙන්වා දෙයි.

මෙලෙස අපනයන ආදායම පහළ යෑමට ප්‍රධාන හේතුව වූයේ මෙරට තනි අපනයන භාණ්ඩය වන රෙදිපිළි හා ඇඟලුම් ආදායමේ පහල යාම බවද මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් 2022 වසරට සාපේක්ෂ 2023 වසරේ රෙදිපිළි ඇඟලුම් අපනයන ආදායම 18% කින් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ අපනයන මිල දී ගන්නා ප්‍රධාන රටවල ජීවන වියදම ඉහළ යාම, ආර්ථික අවපාතය හා භූ දේශපාලනික ගැටළු ආදී ගෝලීය සාධක ද මෙම අපනයන ආදායම පහල යාම කෙරෙහි බලපෑම් කර ඇති බව මහ බැංකුව විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Continue Reading

පුවත්

විදුලි බිල අඩු වෙන්නේ කවදා සිටද?

Published

on

By

විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා දී නොමැති බව එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටී.

අදාළ යෝජනා මැයි මස පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබූ නමුත් විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය හෙට (10) දින දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙට දිනට පෙර එම යෝජනා ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී ඇත.

අදාළ යෝජනා ලැබීමෙන් පසු විදුලිබිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ කෙරෙන අතර විදුලිබිල අඩු කිරීමේ ප්‍රතිශතය ජූලි මාසයේ දී ප්‍රකාශ කළ හැකි බව මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේය.

Continue Reading

ක්‍රීඩා

චමරි හා ජයග්‍රාහී කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

Published

on

By

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේ යළිත් මෙරටට පැමිණියේ මාස දෙකක, ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය.

ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය .

“අපට මෙම ජයග්‍රහණය කිරීම සදහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන්නා…. “

එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමඟ තරගාවලියක් ද , ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් ද සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බව ද ඇය පැවසුවාය .

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved