Connect with us

පුවත්

වාහන ආනයනයට අවසර!

Published

on

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළ බව “ලංකාදීප” වාර්තා කර තිබේ.

 එහි වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලැබ ඇති වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ඉවත් කිරීම අවශ්‍ය බවට භාණ්ඩාගාර නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් එළැඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සූදානම් වන නිර්දේශය රජය පිළිගැනීමට සූදානම් නම් එලෙස ලබන වසර මුලදී එම තහනම ඉවත් කෙරෙනු ඇතැයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

මෝටර් රථ ආනයන තහනම ඉවත් කරන්නේද නැද්ද යන අවසන් තීරණය ගැනීම සඳහා එම කමිටුවේ නිර්දේශය මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම නිලධාරියා ප්‍රකාශ කළේය.

රජය වාහන ආනයන තහනම ලබන වසර මුලදී ඉවත් නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදී ඇති ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වනු ඇති බවත් එම නිසා ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි කමිටුව තීරණය කළ බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

ඇමෙරිකානු ඩොලරයේ අගය දිගු කලක් පාලනය කිරීමට නොහැකි බැවින් ආනයන තහනම ඉවත් කිරීම වැදගත් බව ඔහු ප්‍රකාශ කළේය. එහෙත් ආනයනය කරනු ලබන වාහන මාදිලි සහ එම වාහනවල නිෂ්පාදිත වර්ෂ තවමත් තීරණය කර නැතැයි එම නිලධාරියා පැවැසුවේය.

පුවත්

අද පාර්ලිමේන්තුව රැස්වේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14)  පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ

අද (14) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා පලස්තීන අර්බුදය පිළිබඳ කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

දැන්වීම් පුවරුවක් කඩා වැටී 14 දෙනෙකු මරුට

Published

on

By

ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ, මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බවය.

එහිදී තවත් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ දැන්වීම් පුවරුවක් මෙසේ කඩා වැටී ඇති අතර අනතුරෙන් වාහන රැසකට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.

අදාළ දැන්වීම් පුවරුව නීත්‍යානුකූළ අවසරයක් ලබාගෙන සවිකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහාරාෂ්ට ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කර තිබේ.

Continue Reading

පුවත්

වැසි තත්ත්වයේ වර්ධනයක්

Published

on

By

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ පළාත්වලට අද (14) ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

දකුණ, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩිතද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved