පුවත්

වැටුප් කැපුවයි කියා පාර්ලිමේන්තු සේවකයෝ අකුරට වැඩ කරන්න යයි

Published

on

නව වැටුප් සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයන්හි දීමනා සියයට 70 සිට සියයට 39 දක්වා අඩු කිරීමෙන් පාර්ලිමේන්තු සේවකයන් තුළ බරපතළ නොසන්සුන්තාවක් මතුව ඇතැයි ලංකාදීප වාර්තා කර තිබේ.

මෙම දීමනා කප්පාදුව හේතුවෙන් එම සේවකයන් ඉදිරි දිනවල දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වන බවද එහි දැක්වේ.

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනා අඩු කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පැමිණිලි කර ඇති බවද පැවසේ.

අතිකාල දීමනා නොමැතිකම මෙන්ම වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය රජයන් ගණනාවක්ම පාර්ලිමේන්තු සේවකයන්ට මෙම විශේෂ දීමනා කාලයක් තිස්සේ නොකඩවාම ලබා දී තිබූ බව පැවසේ.

දීමනා කප්පාදුවට එරෙහිව ඉදිරියේදි පාර්ලිමේන්තු සේවකයින් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමටද සූදානම් වන බව දැනගන්නට ඇත.

Trending

Exit mobile version