Connect with us

පුවත්

විදුලිබිල 20%කින් අඩුවේ?

Published

on

විදුලිබල මණ්ඩලය පසුගිය මාස තුනේදී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිබිල තවත් 20%කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් නිර්දේශ කරන ලදී.

එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ  මහතා   ප්‍රකාශ කරන්නේ,   විදුලිබල මණ්ඩලය ලබා ඇති අසීමිත ලාභය සැලකිල්ලට ගෙන  විදුලිය බිල 20%කින් අඩුකර එම සහනය  ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය මහජනතාවට මෙන්ම කර්මාන්තකරුවන්ට  නොපමාව ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය වහා පියවර ගත යුතු බවයි.

ජනතාවගේ ආර්ථික අපහසුතා එමගින් යම් මට්ටමකට අඩු කළ හැකි වෙතැයි  විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

විදුලි බල උත්පාදනයේදී ජල විදුලි බල දායකත්වය පසුගිය වසරේ මුල් භාගයේදී  ඉහළ යෑම  මණ්ඩලයේ  මූල්‍ය කාර්ය   සාධනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතිබව  කමිටුව පෙන්වා දෙයි.

පසුගිය වර්ෂයේ දී විදුලිබල මණ්ඩලය ලැබූ සමුච්චිත ලාභ ප්‍රමාණය රුපියල් කෝටි 6000 ක් බවත්,

2024 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී ලැබූ  රුපියල් කෝටි 5100 ක මුදලද  ඇතුළත්ව 2024 මාර්තු 31 වනවිට රුපියල් කෝටි 8200 ක ලාභයක් උපයා ඇති බවත් එම කමිටුව සඳහන් කරයි.

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved