පුවත්

විදෙස් පර්යේෂණ යාත්‍රා ගැන SOP සංශෝධනයට කමිටුවක්

Published

on

ශ්‍රී ලංකාවේ විදේශ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලබාදීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (Standard Operating Procedure, SOP) සංශෝධනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ තමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ නිර්දේශ මත නව සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට පදනම් වන බවයි.

විදේශීය සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා සඳහා වසරක තහනමක් තවදුරටත් නොපවතින බව සඳහන් කළ ඔහු, සංශෝධිත එක අවසන් වන තෙක් පෙර පැවති සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක වන බව පැවසීය.

නිශ්චිත කාල රාමුවක් ද ප්‍රකාශ කළ නොහැකි බවත්, එම කාර්යය කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

Trending

Exit mobile version