සුරාබදු ආඥා පනතට අනුව විදේශීය මත්පැන් ඕනෑම ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ නීතිමය හැකියාවක් පවතින බවට ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභී සංගමය අනාවරණය කරයි.
එම සංගමයේ සභාපති අජිත් උඩුගම ප්‍රකාශ කරන්නේ සුරාබදු ආඥා පනතේ 17 වැනි වගන්තියට අනුව මෙම අවසරය ඇති බවය.
ඒ අනුව විදේශීය මත්පැන් ඕනෑම ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ නීතිමය හැකියාව හිමි වනුයේ පෞද්ගලික පරිභෝජනය සඳහා පමණක් තබා ගැනීම බවත් ඒවා අලෙවි කිරීම තහනම් බවද සභාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම පෞද්ගලික පරිභෝජනය සදහා විදේශීය මත්පැන් එක්වරකට ප්‍රවාහනය කිරීමට අවසර ලැබෙනුයේ ලීටර් 80ක් සඳහා පමණි.
එම ප්‍රමාණය ඉක්මවා ප්‍රවාහනය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බවද හෙතෙම කිවේය.
(අරුණ)