පුවත්

විභාග මධ්‍යස්ථානයට යාමට නොහැකි සිසුන්ට දැනුම් දිමක්

Published

on

මාර්ග අපහසුතා හේතුවෙන් තවදුරටත් තමන්ට අයත් විභාග මධ්‍යස්ථානයට යාමට නොහැකි අපේක්ෂකයින්ට ළඟම මධ්‍යස්ථානයේදී උසස් පෙළ විභාගයට පෙනී සිටිමට හැකියාව පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු උසස් පෙළ විභාගය හෙට (04) සිට යළි ආරම්භ කිරීමට නියමිත පසුබිමකය.

මෙවර උසස් පෙළ විභාගය පසුගිය මස 25 වනදා ආරම්භ වූ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විභාගය දින 06 ක කාල සීමාවක් සඳහා අත්හිටුවීමට පියවර ගත්තේය.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන්නේ මීට පෙර සැළසුම් කර තිබූ කාලසටහනේ විෂයන් බවය.

විභාගය නොපැවැත්වූ දිනවල පැවති විෂයන් මේ මස 21 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එසේම නව කාලසටහන විභාග අපේක්ෂකයින් වෙත ලබාදීමට පියවර ගන්නා බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කලේය.

සබැඳි පුවත්:

Trending

Exit mobile version