පසුගියදා විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ ඩොල්ෆින් සතුන් සමූහයක් මරණයට පත් වී තිබේ.
විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ, ඩොල්ෆින් සතුන් (Common bottlenose dolphin) සමූහයක් මියගොස් ඇති බවට මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් අනුව වනජීවී නිලධාරීන් විසින් එම ප්‍රදේශය පරීක්ෂා කරන ලදී. එහිදී නිරීක්ෂණය වුණේ ඩොල්ෆින් සතුන් සමූහයක් මියගොස් ඇති බවයි.
එම සතුන් පරීක්ෂා කිරීමෙන් පසුව අදාළ තොරතුරු මෙම මස 07 වන දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ චන්දන ජයසිංහ මහතා සහ ඩබ්.එල්.යූ.මධුවන්ති යන වනජීවී පශු වෛද්‍යවරු විසින් සතුන්ගේ මරණ පරීක්ෂණය සිදුකරන ලදී.
මෙලෙස ඩොල්ෆින් වර්ගයේ සතුන් 11 දෙනෙකු මියගොස් තිබෙන අතර දැළක පැටලීම නිසා එම සතුන් මියගොස් ඇති බවට වෛද්‍යවරු අනුමාන කරති. වැඩිදුරටත් මේ බව සනාථ කර ගැනීම සඳහා සතුන්ගෙන් ලබාගත් නිදර්ශක පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමුකර තිබෙන අතර අදාල වාර්තාව ලැබීමට නියමිතය.