Connect with us

පුවත්

විශ්‍රාම වැටුප කොටස් දෙකකට

Published

on

ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩාගාරය මගින් මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඔහු මෙම අදහස් පළ කර තිබේ.

මේ වනවිට 2022 ජනවාරි දක්වා සියලු ගෙවීම් සිදු කර ඇති අතර ජනවාරි සිට ඉතිරි කාලය දක්වා ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය මේ වනවිට එකඟතාව පළ කර ඇති බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත.

මේ අතර විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබ්.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමෙන් පසුව කොටස් දෙකක් වශයෙන් මෙම ගෙවීම් සිදුකිරීම සඳහා කටයුතු සලසන බවය.

පුවත්

කෑගල්ල උණුසුම් වූ බස් අනතුර

Published

on

By

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී තිබේ.

අද (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් පුද්ගලයින් 26 දෙදෙනකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.

නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවන වූ පෞද්ගලික බස් රථයක් අධික වේගය සහ අපරික්ෂාකාරී ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත් සමග මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තුවාලකරුවන් කෑගල්ල මහරෝහලයට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවයි පිංදෙණිය පොලීසිය ප්‍රකාශ කර සිටී.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙකු බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

“මුලින්ම තියන්නේ ජනාධිපතිවරණය නෙමෙයි”

Published

on

By

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් උදයංග වීරතුංග මහතා මේ බව සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බවද ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව පිළිබඳව දන්නේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද ඔහු මෙහිදී පවසා ඇත.

“ අගමැති අපේක්ෂකයෙක් නම් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ධම්මික පෙරේරා ඉතා ප්‍රබල අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. ඒ තීරණය තියෙන්නේ පොහොට්ටුවේ එක ඔලුවක විතරයි. පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. පාර්ලිමේන්තුවේ බහුතරය ඒකට විරුද්ධයි. අනුර කුමාරත් විරුද්ධයි. ජාතික ජන බලවේගයට රැල්ලක් ඇවිල්ලා තියෙන්නේ සමාජ මාධ්‍යයෙන් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ශකයා රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක දැන් තීරණය කරල ඉවරයි.”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි

Published

on

By

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved