පුවත්

වීරකැටියේ පොහොට්ටු කාර්යාලයකට ගිනි තියලා

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වීරකැටිය බැදිගම ප්‍රදේශයේ පිහිටුවා තිබූ කොට්ඨාස කාර්යාලය පෙරේදා (12) රාත්‍රි කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇත.

කොට්ඨාස කාර්යාලයේ ඉදිරිපස දොරෙහි සරනේරු කඩා ඇතුළු වූ පුද්ගලයෙක් හෝ පිරිසක් භූමිතෙල් යොදා ගිනි තබා ඇති අතර මේ හේතුවෙන් කාර්යාලයේ වහලය, ලිපි ලේඛන සහ පෝස්ටර් ආදියට හානි සිදුව තිබිණි.

රාත්‍රි මුර සංචාරයේ යමින් සිටි පොලිස් ජංගම මුර සංචාරක රථයක සිටි නිලධාරින් පිරිසක් ගින්න දැක නිවා දමා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version