ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා ඒ බව පෙන්වා දී තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ ළඟදීම සිදුකෙරෙන තුන්වන සමාලෝචනය කරා කඩිනමින් යෑමට එමගින් අවස්ථාව උදාකර ඇති බවය.
IMF සහ ලෝක බැංකු රැස්වීම් හා සමගාමීව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.