පසුගිය 15 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම දිවයින පුරා මධ්‍යස්ථාන 434කදී අද (26) ආරම්භ කර ඇත.
අද සිට ලබන 31 වැනිදා දක්වා විභාගයේ පිළිතුරුපත්‍ර ඇගයීම සිදු කිරිමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් මහතා පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ පමණක් පාසල් වාර විභාග පැවැත්වෙන බැවින් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම හෙට (27) සිට ආරම්භ කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
2023 ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වුණු අතර ඊට ඉදිරිපත් වූ සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 37,596කි.