Connect with us

පුවත්

සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක්

Published

on

සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා වූ වැදගත් පියවරක් ලෙස, සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවනු ලබන අතර, ඊට අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරමින් එම පනත් කෙටුම්පත  මේ වනවිට සකස් කෙරෙමින් පවතී.එම පනත් කෙටුම්පතට අදාළ මහජනතාවගෙන් අදහස් ලබාගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

පශ්චාත් ගැටුම් සමයෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් සත්‍ය තහවුරු කර ගැනීමට හැකි වන සහ සංහිඳියාව, වන්දි ගෙවීම සහ තිරසාර සාමය සඳහා අවශ්‍ය වන පහසුකම් සැලසීම යෝජිත ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණයි.

ජනතාව අතීතයේ මුහුණ දුන් ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් මිදීමට අවැසි ප්‍රධාන අංගයක් වන සත්‍ය සොයා ගැනීමට සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඇති අනුලංගනීය අයිතිය, පිළිගනිමින්  මෙම යෝජිත කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.

එසේම, ජාතික සමගිය, සාමය, නීතියේ ආධිපත්‍ය, සහජීවනය, සමානාත්මතාවය, ඉවසීම, විවිධත්වයට ගරු කිරීම සහ ශ්‍රී ලංකීය ජනතාව අතර සංහිඳියාව තහවුරු කර ශක්තිමත් කිරීමට මෙම කොමිසම ක්‍රියා කරනු ඇත.

ශ්‍රී ලංකාවේ බහු වාර්ගික සහ විවිධ ප්‍රජාවන් අතර ඇති නොගැළපීම් සහ අනාගතයේ නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කිරීමට යෝජිත කොමිෂන් සභාව මගින්  අපේක්ෂා කෙරේ.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) ඇතුළු ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධාන ප්‍රයත්නයට අදාළව පත් කර තිබූ පසුගිය කොමිෂන් සභා කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සමාලෝචනය කිරීම, සලකා බැලීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීමට ද මෙම කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

රජය විසින් 2006 දී පිහිටුවන ලද සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ උපදේශන කාර්ය සාධක බලකාය විසින් සම්පාදනය කරන ලද සොයාගැනීම් ද මෙම කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගනු ලැබේ.

යෝජිත ස්වාධීන කොමිෂන් සභාව කිසිඳු දේශපාලන බලපෑමකින් තොරව අපක්ෂපාතීව කටයුතු කරන බව සහතික කිරීම සඳහා  රජය කැපවී සිටියි.

යෝජිත නව නීතිය බලාත්මක වන තෙක්, සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) නමින් අන්තර්වාර ආයතනයක් පිහිටුවීමට ද රජය පියවර ගෙන තිබේ.

මෙම යෝජිත කොමිෂන් සභාව සඳහා අවශ්‍ය නෛතික සහ ප්‍රතිපත්ති රාමුව, මෙහෙයුම් ක්‍රියා පටිපාටි සහ මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සඳහා සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය දැනටමත් කටයුතු කරමින් සිටියි.

ස්වාධීන දේශීය කොමිසමක් පිහිටුවීමට පහසුකම් සැලසීම, අනෙකුත් අධිකරණ බල ප්‍රදේශවල සාර්ථක යාන්ත්‍රණයන්ගෙන් ආභාෂයන් සහ මගපෙන්වීම් අධ්‍යනය කිරීම හරහා සත්‍ය, සංහිඳියාව සහ ජාතික සමගිය ඇති කිරීම වෙනුවෙන් දේශීය විසඳුමක් සඳහා අවශ්‍ය පදනම ගොඩනැගීම සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ අරමුණයි.

මෙම පරිවර්තනීය යාන්ත්‍රණය හැඩගස්වා ගැනීමට සහ අවසානයේ තිරසර සාමයට සහ ජාතික සමගියට මග පාදා ගැනීමට උපකාර වන, අදාළ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ උපදේශනයෙන් කොමිෂන් සභාව ගොඩනගා ඇති බව සහතික කිරීම සඳහා සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්ණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් දැනට මහජනතාව සහ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන් පවත්වයි.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

කෝටි 5ක ජංගම දුරකතන එක්ක දෙදෙනෙක් ගුවන්තොටේදී කොටුවෙයි

Published

on

By

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීන ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (17) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු 59 හැවිරිදිය. අනෙක් ව්‍යාපාරිකයා කොළඹ – 14 පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි .

ඔවුන් දෙදෙනා ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත  අද අලුයම 04.55ට පැමිණ තිබුණි .

මෙම ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

(ලංකාදීප)

Continue Reading

පුවත්

බැසිල්ගේ ඉල්ලීමට රනිල්ගේ ප්‍රතිචාරය

Published

on

By

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර පෙරේදා (15) සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන්ද සිය පක්ෂයේ ස්ථාවරයද ජනාධිපතිවරයාට එහිදී දැනුම්දුන් බව එම පොදුජන පෙරමුණ පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා වට හතක් මේ වනවිට පවත්වා ඇත

Continue Reading

පුවත්

රණවිරු දින සැමරුම් උත්සවයට පාරවල් වැසේ

Published

on

By

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් එළඹෙන ඉරිදා (19)  විශේෂ රථවාහන සැලැස්මක් ක්‍ර්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

ඒ අනුව එදින සවස 3.00 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට ක්‍රියාකරනු ඇත.

ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙන අතර, විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved