ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීම ටික දිනකට කල් යනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබිණි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ජාතික ලැයිස්තුවේ ඉහළින්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරිය වූ ශර්මිලා පෙරේරා මහත්ම මහත්මීන්ගේ නම් සඳහන්ව තිබේ.
කෙසේ වෙතත් මේ වනතුරුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකට පත් කරන අය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ නැති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, දිනේෂ් ගුණවර්ධන හා රවී කරුණානායක යන අයට අදාළ ධූර ලබාදීමට තීරණය කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පලකර තිබිණි.
සබැඳි පුවත්
https://sinhala.srilankamirror.com/news/ගෑස්-සිලින්ඩරයේ-ජාතික-ලැ/