පුවත්

හරීන් අද CIDයට

Published

on

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ඒ, කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරණ සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට රැගෙනවිත් රජයේ රෝහල් වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිහ යන හිටපු අමාත්‍යවරුන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඊයේ (21) ප්‍රකාශ ලබා දුන්නේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පසුගිය රජයේ කැබිනට් මණ්ඩලයේ 18 දෙනෙකුගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.

Trending

Exit mobile version