Connect with us

පුවත්

ජනපති ඉන්දියාවේ යන්න කලින් දෙමළ පක්ෂවලින් මෝදිට ලිපියක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට ප්‍රථම උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලොට්, ටෙලෝ, දෙමළ ජනතා ජාතික පෙරමුණ, දෙමළ ජාතික පක්ෂය සහ පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂය යන පක්ෂ හයේ නායකයන්ගේ අත්සනින් මෙම ලිපිය යොමුකර තිබේ.

උතුරු නැගෙනහිර පළාත්වල ජනවාර්ගිත අර්බුදයට විසඳුම් වශයෙන් 1987 වසරේදී අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමට අනුව ගෙන එන ලද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම බලාත්මක කරලීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයට බල කරන ලෙසට මෙම පක්ෂ ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

13 වැනි සංශෝධනයට අනුව හිමි පොලිස් ඉඩම් අතුළු බලතල රාශියක් මධ්‍යම ආණ්ඩුව යටතට ගෙන තිබෙන බවත් එම බලතල නැවත පළාත් සභා වෙත ලබාදීමට මැදිහත් වන ලෙසත් මෙම පක්ෂ තවදුරටත් ඉල්ලා තිබේ.

උතුරු, නැගෙනහිර ඇතුළු සියලුම පළාත් සභා මේ වන විට අකර්මණ්‍ය වී තිබෙන හෙයින් 13 වැනි සංශෝධනයට අනුව සියලු බලතල සහිතව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසටද ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නැයි ද ඉල්ලූ බව දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේෂ්වරන් පැවැසීය.

ජනාධිපතිවරයා ලබන 20 සහ 21 දෙදින ඉන්දීය නිල සංචාරයක් සඳහා එක්වීමට නියමිතය.

පුවත්

මිචෙල් ඇවිත් සාගලට ප්ලේන් එකක් දෙන්න පොරොන්දු වෙලා!

Published

on

By

ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ  දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු  කලාපයේ) නියෝජ්‍ය ලේකම් මිචෙල් චැං (Michelle Chan) මහත්මිය එකඟතාවය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි මිචෙල් චැං මහත්මිය ජාතික  ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හමුවේ මෙම පොරොන්දුව ලබා දී ඇත.

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම ඇතුළු ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් තබන පළමු පියවර ලෙස මෙම ගුවන් යානය ලබා දෙන බව මිචෙල් චැං මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

ඇමරිකානු නැවකට ලංකාවෙන් තහනමක්

Published

on

By

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට  ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයකට අනුව  ඉහත පියවර ගෙන ඇත.

මෙම  පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ මුහුදු සීමාව භාවිත කිරීමට නොව ඉන්ධන ,ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් නෞකාව සඳහා අදාළ පහසුකම් ලබාදීමට රජය තීරණයකට එළඹ තිබේ.

නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට  අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ද ඒ සඳහා අවසර දී නැති බව වාර්තා වේ.

මීට පෙර ද  චීන පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම ද  ප්‍රතික්ෂේප කළ බව රජය පවසයි.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත ගැටුම අද

Published

on

By

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (27) තරඟය ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වීමට නියමිතය.

අබුඩාබිහිදී පැවැත්වෙන මෙහි  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමි වී ඇති අතර ස්කොට්ලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, කත්‍රයන් බර්සි විසිනි.

ඇ කාණ්ඩය නියෝජනය කරන ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එහි දෙවන ස්ථානයේ පසුවේ.

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර තායිලන්තයට එරෙහිව තරග වැදුන අතර එම තරගය ලකුණු 67කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved