පුවත්

හෙට ආරම්භ වෙන “විදුලි ගාස්තු සංශෝධනය ගැන අදහස් විමසීම”

Published

on

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු පිළිබඳව මහජන අදහස් විමසීම හෙට (23) ආරම්භ වේ.

හෙටින් ආරම්භ වන මෙම අදහස් විමසීම ජුනි මස 3 වැනිදා දක්වා පළාත් ආවරණය වන පරිදි පවත්වන බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පවසයි.

පළාත් 09 ආවරණය වන පරිදි වාචික අදහස් විමසීමේ රැස්වීම් 9 ක් සංවිධානය කරන බවත්,
රත්නපුර, බදුල්ල, යාපනය, මාතර, අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර සහ කොළඹ යන නගරවල මෙම වාචික අදහස් විමසීමේ රැස්වීම් පැවැත්වෙන බවද ඒ මහතා විසින් වැඩිදුරටත් පවසන ලදී.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ලිඛිත අදහස් ලබන ජූනි මස 5 වැනිදා දක්වා භාරගැනීමට නියමිතය.

 ‘2025 දෙවන වර්ෂයේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම’ සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වැනි මහල, ලංකාව බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3 යන ලිපිනයට එම අදහස් යොමු කළ හැකිය.

ඊට අමතරව,
ෆැක්ස් අංකය – 0112392641
වට්ස්ඇප් අංකය –  0764271030
ඊමේල් ලිපිනය – info@pucsl.gov.lk

යන මාර්ග ඔස්සේ තොරතුරු යොමු කළ හැකි බව ද මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහන් කරයි.

Trending

Exit mobile version