පුවත්

යක්කලමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් – එක් අයෙකු මරුට

Published

on

ගාල්ල, යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේ අද (19) උදෑසන 11.30ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 3 හැවිරිදි දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව ය.

වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Trending

Exit mobile version