පුවත්

මහපොළ ඉදිරි වසරේ වැඩි කිරීමට සැලසුම්?

Published

on

මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය හා මහපොළ භාරකාර අරමුදල සමඟ සාකච්ඡා කරන බවය.

දැනට විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ කුසලතා මාසික ශිෂ්‍යාධාරය රුපියල් 5500ක් ද මහපොළ සාමාන්‍ය මාසික ශිෂ්‍යාධාරය 5000ක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.

ඒ අනුව උද්ධමනය ඉහළ යාමත් සමඟ මෙම ප්‍රමණය 50% කින් ඉහළ නැංවීමට ‍අපේක්ෂිත බවත්, ලබන ජනවාරි මස සිට ශිෂ්‍යාධාරය වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේය.

Trending

Exit mobile version