Connect with us

පුවත්

2023 වසරේ සමගි ජන බලවේගයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට

Published

on

වසර 2023 සඳහා සමගි ජන බලවේගයේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා තෝරා පත් කර ගත්තේ ය.

ඒ, අද(11) බොරැල්ල කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේග දෙවැනි සංවත්සර සමුළුවේදීයි.

“පෙරළියට මඟ කියන – කරළියට ගොඩවන්න” තේමා කරගනිමින් සමගි ජන බලවේගය අද දෙවැනි සංවත්සර සමුළුව සංවිධානය කළේ ය.

බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වූ සමුළුවට පාක්ෂිකයින් පැමිණියේ දැවැන්ත පා ගමන් දෙකකිනි.

එක් පාගමනක් පැමිණියේ බොරැල්ලේ සිට පැමිණි අතර තවත් පාක්ෂිකයින් පිරිසක් දෙමටගොඩ සිට පාගමනින් පැමිණියහ.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාගමනට එක්විය.

අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පක්ෂයේ සාමාජිකයින් කැම්බල් පිටියට පැමිණි අතර සමුළුව ආරම්භ වුණේ සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි.

පුවත්

OMP හි පුරප්පාඩු වෙනුවෙන් අයෙදුම්පත් කැඳවේ.

Published

on

By

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ  පුරප්පාඩු වෙනුවෙන් සාමාජිකයන් පත් කිරීමට අයැදුම්පත් කැඳවීම සිදුවේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ  පුරප්පාඩු වෙනුවෙන් සාමාජිකයන් පත් කිරීමට අයැදුම්පත් කැඳවීම මේ දිනවල සිදුවේ.

මෙලෙස අයෙදුම්පත් කැඳවීම සිදුවන්නේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සාමාජික ධුරයන්යේ පවතින පුරප්පාඩු වෙනුවෙනි.

ඒ සඳහා වූ අයැදුම්පත්‍ර ආකෘතිය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) OMP සඳහා සාමාජිකයන් පත්කිරීම නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර තිබේ.

එම ආකෘතිය අනුව සකස් කල සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2024 මැයි මස 27 දින හෝ එදිනට පෙර ලියාපදිංචි තැපෑල මඟින් හෝ විද්‍යුත් ලිපිනය (Email) ඔස්සේ යොමු කිරීමේ හැකියාව පවතී.

අයෙදුම්කරුවන් විසින්
ලියාපදිංචි තැපෑල මඟින් යොමු කරන්නේ නම්,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්,
ආණ්ඩුක්‍රම වයවස්ථා සභාව – කාර්යාලය,
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ.

යන ලිපිනයටත්,

විද්‍යුත් තැපෑල මඟින් යොමු කරන්නේ නම්,
[email protected]

යන විද්‍යුත් තැපැල් ලිපිනයටත් අයෙදුම්පත් යොමු කිරීමේ හැකියාව ඇත.

Continue Reading

පුවත්

දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියා රක්ෂිත බන්ධනාගාරයට

Published

on

By

ඊයේ  (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බව සඳහන් ය.

එම අවස්ථාවේ දී කාන්තාව නිවසින් පළාගොස් ඇති අතර අදාළ පුද්ගලයා විසින් ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබේ.

මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ වයස අවුරුදු 10ක දැරියක් සහ වයස අවුරුදු 2 ක කුඩා පිරිමි ළමයෙකි.

මේ පිළිබඳ ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර,

පැයකට ආසන්න  කාලයකින්  පසුව දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකියාව ලැබී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දරුවන්ගේ පියා මැයි 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදුවූ අතර ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

උතුරුමැද පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්

Published

on

By

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරතවූහ.

ඔවුන් විසින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය  පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණය පවත්වාගෙන ගොස් තිබේ.

මෙහිදී මැදිහත් වූ පොලීසිය විසින් උද්ඝෝෂණයේ  නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු  22ක් අත් අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පිරිස අතර සමස්ත ලංකා  ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ හිටපු කැඳවුම්කරු  ධම්මික මුණසිංහ මහතා ඇතුළු පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තා සාමාජිකාවන් 11 කි.

උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස ප්‍රශ්න කර සිටියේ,

පොළොන්නරුව වැලිකන්ද වැනි දුෂ්කර ප්‍රදේශවල සිට කුඩා ළමයින් සමග කුස ගින්නේ පිරිස් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්, උතුරු මැද පළාතේ ඇති පුරප්පාඩු වලටත් වඩා අඩු, රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පලාත තුල සිටින බැවින් ඔවුන්ට රැකියා ලබා දීමට ක්‍රියා නොකරන්නේ ඇයි? ද යන්නයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved